රඟපෑවට මම උපාධිධාරිනියක් | ගීතිකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 3, 2015

රඟපෑවට මම උපාධිධාරිනියක් | ගීතිකා

2020

ගීතිකා රාජපක්ෂ වන ඇය අපට හමුවන්නේ උතුම් පැතුම් සහ අංකල් සෑම් ටෙලි නාට්‍ය සමඟයි. රඟපෑමට මේ විදියට පැමිණ සිටින මේ ගීතිකා යනු කැලණි සරසවියෙන් උපාධියක් ලද තරුණ ශිල්පිණියකි. උපාධිධාරිණියක වූ ඇය රඟපෑමට පැමිණියේ ඇයි? මේ ඒ ගැන ගීතිකා කියන කතාව.

“පාසල් අධ්‍යාපනය හොඳින් කළා. සරසවි වරම් ලැබුවා. කැලණිය සරසවියෙන් අනුක ජීව විද්‍යා අංශයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. ඉන්පසුව රැකියා දෙකක්ම කළා. සරසවි කාලයේ ඉඳලාම නිරූපණ ක්ෂේත‍්‍රයේ හිටියා. ඒත් එක්කම ටෙලිනාට්‍ය රංගනයට ආරාධනා ලැබුණා. වතාවක සරසවියෙ පැවැත් වූ විලාසිතා දැක්මකින් පසුව රූපවාහිනී දැන්වීමකට ආරාධනා ලැබුණා. ඉන් පසුව මියුසික් වීඩියෝවලටත් ආරාධනා ලැබුණා. ‘සිහින කිරිල්ලිය’ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණෙ ඒ කාලයේදීයි. ඉන් පසුව නිල්වලා ආයතනයෙන් ආරාධනා ලැබුණා. දැනට රඟපෑමේ කටයුතුවල යෙදෙනවා. ඊට අමතරව මගේ උපාධියට ගැලපෙන රජයේ රැකියාවක් කිරීම තමයි අරමුණ.”

Geethika Rajapaksha AM Gossip 01 Geethika Rajapaksha AM Gossip 02 Geethika Rajapaksha AM Gossip 03 Geethika Rajapaksha AM Gossip 04

The post රඟපෑවට මම උපාධිධාරිනියක් | ගීතිකා appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad