හිටපු ඇමතිගේ පෞද්ගලික ලියකියවිලි විනාශයි - නිවසේ ගින්නෙන් බරපතල හානි (PHOTOS)  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 1, 2015

හිටපු ඇමතිගේ පෞද්ගලික ලියකියවිලි විනාශයි - නිවසේ ගින්නෙන් බරපතල හානි (PHOTOS) 

හිටපු ඇමතිගේ පෞද්ගලික ලියකියවිලි විනාශයි - නිවසේ ගින්නෙන් බරපතල හානි (PHOTOS) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ මාදිවෙල පිහිටි තෙමහල් නිවසේ තට්ටු දෙකක් ගිනි ගැනීමෙන් රන් භාණ්ඩ, පෞද්ගලික ලියවිලි හා නිදන කාමරය ද විනාශ වී ඇති බව වාර්තා වේ.  

මෙම සිද්ධිය පිළිබඳ මේවන විට 10 දෙනකුගෙන් පමණ කටඋත්තර ලබාගෙන ඇත. නිවසේ විදුලි මීටරයට කිසිදු හානියක් සිදුව නොමැති අතර පහත මාලයට ගින්නෙන් හානි සිදු වී නොමැති බවත් වාර්තාවේ. 

රජයේ රස පරීක්ෂක ඇතුළු නිලධාරීහු එහි පැමිණ පරීක්ෂණ ඇරඹා ඇත.  ඉදිරි මහ මැතිවරණයට හිටපු අමාත්‍ය සී.බී. රත්නායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරයි.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad