කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් අයෙක් මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් අයෙක් මරුට

කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් අයෙක් මරුට

කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බුලත්සිංහලගේ නිරෝෂන් සම්පත් නැමැත්තා අද(02) අළුයම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම මියගොස් සිටියේය. 

මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad