ෆොන්සේකා බලයට පැමිණි පසු දූෂකයින්ට, මිනීමරුවන්ට දෙන දඬුවම් මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 3, 2015

ෆොන්සේකා බලයට පැමිණි පසු දූෂකයින්ට, මිනීමරුවන්ට දෙන දඬුවම් මෙන්න

ෆොන්සේකා බලයට පැමිණි පසු දූෂකයින්ට, මිනීමරුවන්ට දෙන දඬුවම් මෙන්න

යම් පුද්ගලයෙකු ස්ත්‍රියක් දූෂණය කර ඝාතනය කළහොත් ඔහු එල්ලා මරා දමන බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. 

එසේම ස්ත්‍රියක් දූෂණය කළ පුද්ගලයෙකු සිටී නම් ඔහු සදාකාලික ව සිරගත කිරීමට කටයුතු කරන බවත් තමන් බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාවේ ස්ත්‍රී දූෂකයින්, මිනීමරුවන් සඳහා නිසි දඬුවම් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.

ජනවාරි 08 වැනි දා දූෂිත පාලකයින් ගෙදර යැවූ බවත් මේ වනවිට රටේ යහපාලනයක් පවතින බවත් එම යහපාලනයේ ද අඩුපාඩු නැතුවාම නොවන බවත් ඔහු පැවසී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සරත් ෆොන්සේකා මහතා, 

"මේ දේශපාලනයේ ඉන්න කවුරුත් කළගුණ නොදන්නා අයයි. ඡන්දය ගන්නා තුරු විතරයි අපි ගාවට එන්නේ. ඉන් පස්සේ ඒ අය නතර වෙනවා. පීඩිත පන්තිය දුක් විඳිනවා. වසර 60 ක් පුරා උනෙත් ඔය දේම තමයි. මෙම ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒකයි අපි වෙනම පක්ෂයක් හැදුවේ. රට නිවැරදි මගට යොමු කළාට පස්සේ අපි මේ දේශපාලනයෙන් සමුගන්නවා" යනුවෙන් ඔහු සඳහන් කළේ ය.

ඉන්දික මනෝජ් - මොරටුව

No comments:

Post a Comment

Post Bottom Ad