කොහෙවත් නැති අනුර කුමාරගේ අපූරු 'මංගල දැන්වීම' මෙන්න  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2015

කොහෙවත් නැති අනුර කුමාරගේ අපූරු 'මංගල දැන්වීම' මෙන්න 

කොහෙවත් නැති අනුර කුමාරගේ අපූරු 'මංගල දැන්වීම' මෙන්න 

කෘෂිකර්මාන්තය නංවන්නත් එහි නිරත වුණු ගොවියගෙ ජීවිතේ නංවන්නත් මේ පාලකයින්ට බැරිවූ බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 30 වැනිදා ගලෙන්බිඳුණුවැව පැවති ගොවි සමුළුව අමතමිනි.

එහිදී අනුර දිසානායක මහතා මංගල දැන්වීම් ගෙනහැර දක්වමින් කතා කළේය.  

“ඉරිදා පත්තරවල මංගල දැන්වීම් තීරය බලන්න. ‘රජයේ බැංකුවක කළමනාකරණ රැකියාවක් කරන, වැඩිමහල් පුතුට සුරූපී දියණියක් මව සොයයි.’ එහෙම නැත්නම් ‘ව්‍යාපාරික, ප‍්‍රධාන ව්‍යාපාරයක් හිමි පවුලේ එකම පුතුට සුරූපී දියණියක් දෙමව්පියෝ සොයති.’ කියලා තියෙනවා. එකම දැන්වීමකවත් තියෙනවද ‘යල මහ දෙකන්නය වගා කරන සවි ශක්තිය ඇති ගොවි පුතෙකුට සුරූපී දියණියක් මව සොයයි’ කියලා? තිබුණොත් එක ලියුමක්වත් එන්නෙ නැහැ. අපේ සමාජයේ පිළිගැනීමක් නැහැ. කළමනාකරුවෙක්, ව්‍යාපාරිකයෙක්, ගුරුවරයෙක්, රජයේ රැකියාවක් කරනවා කිවුවහම මනාලියො හොයන්න පුළුවන්  ඕනෙ තරම්. ගොවිතැනක් කරනවා කිවුවහම, යල මහ කන්න වැඩකරනවා කිවුවහම, හොඳ වී අස්වැන්නක් ගේනවා කිවුවහම කවුරුවත් නැහැ. අපිට සමාජ වටිනාකමක් නැහැ. අපි පොලීසියකට ගියොත්, ණයක් ගන්න බැංකුවකට ගියොත් පිළිගැනීමක් නැහැ. ව්‍යාපාරිකයෙක් බැංකුවට ගියොත් මැනේජර් මහත්තයා එයාව කාමරේට ගෙන්න ගන්නවා. අපි බැංකුවට ගියොත් පොඞ්ඩක් ඉන්න කියලා පෝලිමට තල්ලූ කරනවා. අපි මිනිස්සුද? අපිට සමාජ ගෞරවයක් නැහැ. ඒ නිසා අපිට ජීවිතයක් නැහැ. අපි ඔබට සහතික කරනවා, මේ රටේ ගොවි අම්මා තාත්තාගෙ ජීවිතේ හදනවා වගේම ඔවුන්ට අපි සමාජ වටිනාකමක් දෙනවා.“ 

 

No comments:

Post a Comment

Post Bottom Ad