වෙලේ සුදාගේ අනියම් පෙම්වතියගේ බැංකු ගිණුමේ ලක්ෂ 370 ක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 11, 2015

වෙලේ සුදාගේ අනියම් පෙම්වතියගේ බැංකු ගිණුමේ ලක්ෂ 370 ක්

ප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුව සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධීව උපයාගත් මුදල්, සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව ඔහුගේ පෙම්වතිය ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (09 නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අංක 22/වී මොරද පාර, මාකන්දන, පිළියන්දල පදිංචි පෑලගේ නිසංසලා සඳ කුමාරි නමැති තිදරු මවකි. මෙම සැකකාරියගේ ස්වාමියා කොම්පඤ්ඤගේ අසංක චානක ෆොන්සේකා නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයෙකු වන අතර වෙලේසුදාගේ අනියම් පෙම්වතිය වශයෙන් ඇය සිට ඇත.

වෙලේ සුදාගේ ඥාතීන් හා හිත මිත‍්‍රයන්ගේ බැංකු ගිණුම්, අධිකරණ නියෝගවලට අනුව පරීක්ෂා කිරීමේදී මෙම සිද්ධියට අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සැකකාරිය විසින් පිළියන්දල පෞද්ගලික බැංකුවක 2009 වසරේ ඔක්තෝබර් 13 වැනිදා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති අතර, එම ගිණුමේ රුපියල් 37,078,456.73 ක මුදල් තැන්පත් කර ඇති බවත් පසුව එම මුදලින් මේ වන විට රුපියල් ලක්ෂ 10ක් පමණ ඉතිරිව ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එසේම වෙනත් ෆිනෑන්ස් ආයතනයක මෙම සැකකාරිය විසින් රුපියල් ලක්ෂ 30ක් තැන්පත් කර ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad