'ඒ වගේ රටක් ඒකේ තමයි මම සල්ලි දාලා තියෙන්නේ' - මහින්ද කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

'ඒ වගේ රටක් ඒකේ තමයි මම සල්ලි දාලා තියෙන්නේ' - මහින්ද කියයි (VIDEO)

තමාට වඩා ඉන්දියාවේ ඉන්නෙත් කෝටිපතියන් දෙදෙනෙකු බවත් අපිට මේ ආකාරයට නොයෙකුත් මඩ ගහන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (17) පස්වරුවේ හෝමාගම පිටිපන උත්තරාරාම විහාරස්ථානයේදී පැවති 06 වන විජයග්‍රාහී විරු සැමරුම සිහිපත් කරමින් රට බේරා ගත් රණවිරුවන්ට සෙත් පතා පැවැත්වූ ආශිර්වාද බෝධි පූජා පිංකමට සහභාගී වෙමිනි.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

“ඉන්දියාවෙත් ඉන්නේ කෝටිපතියො දෙන්නයි මට වඩා. ආඩම්බරයිද කියලා අහනවා. කොහෙද තියෙන්නේ සල්ලි ස්වාසලන්තයේ. අහල තියෙනවද. ස්වාසලන්තය කියන රට රජ්ජුරුවොන්ට භාර්යාවො 435ක් ඉන්නවා. ඒ වගේ රටක්. 

ඒකේ තමයි මම සල්ලි දාලා තියෙන්නේ. මේ වගේ මෝඩ කතා කියමින් මිනිසුන් විහිළුවට ලක් කරන්න අද සූදානම් වෙලා තියෙනවා. අපහාස කිරීම තමා මෙයාලගේ මූලික පරමාර්ථය.  ජනතාවගේ හදවත් තුළින් අපව ඈත් කරන්න.“ යැයි මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad