"නිදහසේ පහන්වැට" බලන්න නාමල් මහ රෑ විහාරමහාදේවි උද්‍යානයට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

"නිදහසේ පහන්වැට" බලන්න නාමල් මහ රෑ විහාරමහාදේවි උද්‍යානයට (PHOTOS)

විජයග්‍රහණයේ 6 වන සැමරුම වෙනුවෙන් විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වෙන අද (18) රණවිරු උපහාර "නිදහසේ පහන්වැට" මාතෘ භුමි වැඩසටහනේ සංවිධාන කටයුතු පිලිබදව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට පැමිණියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතා ද මේ අවස්ථාවට සහභාගී වෙමින් විහාරමහාදේවි උද්‍යානයේ සැලසුම් වන මාතෘ භුමි වැඩසටහනේ කටයුතු සිදු කරමින් රණවිරු උපහාරයට සුදානම් වන අයුරු දැකගත හැකිය.

දේශයේ නිදහස වෙනුවෙන් ජිවිතය පූජා කළ ඇස්, ඉස්, මස් ලේ, දන් දුන් ශ්‍රී ලාංකේය සුජාත දූ දරුවන් නමින් රණවිරු උපහාර "නිදහසේ පහන්වැට" මාතෘ භුමි වැඩසටහන අද සවස 5.00ට කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.






No comments:

Post a Comment

Post Bottom Ad