විල්පත්තුවෙ සත්තුත් පවු, හැබැයි කුඩුත් නැති කරලාම දාන්න ඕනෙ | පියුමි බොතේජු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

විල්පත්තුවෙ සත්තුත් පවු, හැබැයි කුඩුත් නැති කරලාම දාන්න ඕනෙ | පියුමි බොතේජු

හැංගිලා තිබුන කුඩු මාෆියාව දැන් නැවතත් කි‍්‍රයාත්මක වෙනවා. මේ වෙන කොට ඔවුන් නැවතත් සකී‍්‍රයයි?
කාලයකට යට යනවා, කාලයකට මතු වෙනවා. එහෙම නෙවෙයි වෙන් ඕනෙ. මේවා නැති වෙලාම යන්න ඕනෙ. සමහර තරුණයන්ගේ ජීවිත නැතිවෙලාම යන්නෙ මේවා හින්දනෙ. අන්න ඒක නිසා අදාල බලධාරීන්ගේ වගකීම විය යුත්තේ මේ දේවල් වලට එරෙහිව කි‍්‍රයාත්මක වෙන එක.
.
මත් කුඩු ගැටලුව යට ගිහිල්ලා එක පාරටම බදුයුදීන් සහ විල්පත්තුව රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය බවට පත්වෙනවා?
විල්පත්තුවේ සත්තුන්ට කතාකරන්න බැහැනෙ. සත්තු මැරෙන එක ගැන මට පුදුමාකාර දුකක් තියෙන්නේ. කුඩු නම් කොහොමත් නැති කරලා දාන්න ඕනෙ.

.
සල්මන් ඛාන් වසර 5 ක හිර දඩුවමකට යටත් උනා. මොනවද හිතුනෙ? මොනවද දැනුනෙ?
ඉන්දියාවේ නීතිය සම්භන්ධයෙන් සතුටක් ඇති උනා. අපේ රටටත් ඒක හොද ආදර්ශයක්. ඒත් ඊට පස්සෙ ඔහුගේ දඩුවම අත්හිටෙව්වෙ මිනිස්සු අතර නොසන්සුන්තාවයක් කැළඹීමක් ඇතිවෙයි කියලනෙ. ඒකට අමතරවනම් මට මුකුත් හිතුනෙ නැහැ. දැනුනෙත් නැහැ.

.
ජයලලිතා ආයෙමත් හිරෙන් නිදහස් උනා. ලංකාවට මොන විදියෙ බලපෑමක් ඇති වෙයිද?
ආයෙමත් ලංකාවට එල්ලවෙන බලපෑම වැඩිවෙයි.

.
ගොඩනැගිලි, සිමෙන්ති නෙවෙයිලු රටේ සංවර්ධනය කියන්නෙ කියලා මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා?
ඒක පිළිගන්න බැහැ. ඒක සංවර්ධනයේ එක කොටසක්. ලෑලි ගෙවල් ඇතුලෙ ඔෆිස් හදාගෙන වැඩකරන්න බැහැනෙ.


- මවුබිම -

No comments:

Post a Comment

Post Bottom Ad