සජිත් හිතවතුන්ට පිනට බෙදනවා… සමෘද්ධිය හාන්සියි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

සජිත් හිතවතුන්ට පිනට බෙදනවා… සමෘද්ධිය හාන්සියි..

නිවාස හා සමෘද්ධි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සමෘද්ධි අධිකාරිය සතු මුදල් තම දේශපාලන හිතුවතුන්ට බෙදා දෙන්නේ යයි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිළධාරින්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි 04ක් ඉදිරිපත් කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ සමෘද්ධි ව්‍යාපාරය විනාශ කිරිම, සමෘද්ධි නිලධාරින් අර්ථසාධක නොගෙවීම, නව සේවකයන්ට පාරිතෝෂික මුදල් ලබා නොදීම, පොරොන්දු වු පරිදි යතුරුපැදි ලබානොදීම ගැන එම පැමිණිලි ගොණු කල බවයි.

මින් පෙරද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වෙත ගොස් පැමිණිලි විභාග කරන ලෙස ඉල්ලිමක් කර ඇතැයිද පවසන ඔවුන් අදාළ පැමිණිල්ල මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත යොමුකර ඇති බව එහි නිල‍ධාරියෙකු ප්‍රකාශ කල බවද පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad