මෛත‍්‍රී පාර්ශ්වයෙන් 'හංස' පෙරමුණක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2015

මෛත‍්‍රී පාර්ශ්වයෙන් 'හංස' පෙරමුණක්

ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ හිතවාදී පාර්ශ්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම පෙරමුණක් ලෙස ඉදිරිපත් වේනම් මෛත‍්‍රීපාල සිරිසේන මහතාව බලයට පත්කිරීම සඳහා ඒකරාශී වූ පාර්ශ්වය ‘හංසයා’ ලකුණින් ඉදිරිපත් විය යුතු බව යෝජනාවක් ජාතික හෙළ උරුමය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබේ.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහයට නව පෙරමුණක් බිහි කිරීමේ කටයුත්තකට අතුරලියේ රතන හිමියන් මූලිකත්වය ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අනුව රතන හිමියන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ද සාකච්ඡුා වට කිහිපයක් පවත්වා ඇති බව ද අනාවරණය වේ.

පෙරකී දේශපාලන ආරංචි මාර්ගයට අනුව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මතය වී ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දේශපාලන වශයෙන් දුබල වීම වළක්වා ගැනීමට නම් ඔහුට සහය දෙන නව පෙරමුණක් බිහි විය යුතු බවයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා හා අතුරලියේ රතන හිමියන් අතර ද සාකච්ඡුාවක් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් පක්ෂ මූලස්ථානයේ දී පවත්වා ඇති අතර එකී සාකච්ඡුාව විවාදාත්මක සහ උණුසුම්ව පැවැති බව ප‍්‍රධාන පෙළේ දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

කෙසේ නමුත් ඉදිරි මහ මැතිවරණයේදී සුළු ජන පක්ෂ කිහිපයක් ම එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමේ කැමැත්තෙන් පසු වුවද එය දෙකඩ වීමේ අවදානමක් මතුව ඇති බැවින් නව පුළුල් පෙරමුණක් යටතේ තරග කිරීම සඳහා උත්සාහ ගනිමින් තිබේ.

(කසුන් සමරතුංග)
srilankamirror.com

No comments:

Post a Comment

Post Bottom Ad