විශ්වාසභංගයකට හෙළ උරුමය පක්ෂ බව කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 29, 2015

විශ්වාසභංගයකට හෙළ උරුමය පක්ෂ බව කියයි

නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවමින් ජනතා විශ්වාසය කඩකරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂ බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
කැබිනට් මණ්ඩලයේ දී නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධව අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ වැඩ පිළිවෙළ ඉතා පිළිකුල් සහගත බවද කී වර්ණසිංහ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක් ද කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad