අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ටිරාන් අලස් උසාවි යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 18, 2015

අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ටිරාන් අලස් උසාවි යයි

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එලෙස අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 

පොලිස්පති, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි  මෙවන් සිල්වා, එහි පොලිස් ස්ථානාධිපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන තමාට එරෙහිව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බවත් අමාත්‍ය පාඨලි චම්පික රණවකගේ උපදෙස් මත තමාව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවද එම පෙත්සමේ සදහන්වේ.

හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල ඉවත්වීම පදනම් කර ගෙන එම අමාත්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු කරන බවත් 2005 දි රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කල තමන් ඉන් කිසිදු ලාභ ප්‍රයොජන නොගත් බවද එම පෙත්සම් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad