කොටකෙතන තීන්දුවට කහවත්තේ විරෝධතා රැල්ලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 28, 2015

කොටකෙතන තීන්දුවට කහවත්තේ විරෝධතා රැල්ලක්

කොටකෙතන නඩු තීන්දුවට විරෝධය පළ කරමින් කහවත්ත නගරයේ රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගම්වැසියෝ පිරිසක් උද්ඝෝෂණයේ නිරත විය.
පසුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබූ අතර විරෝධතාවය මැඩපැවැත්වීම සඳහා පොලීසිය ජල ප්‍රහාරක රථ මගින් ජල ප්‍රහාර එල්ල කළේය.ඒ විරෝධතාකරුවන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කරන්නට සූදානම් වූ අවස්ථාවේදීය.

මේ හේතුවෙන් වාහන ගමනා ගමනයටද බාධා සිදුවිය.
මේ අතර උද්ඝෝෂකයෝ මාධ්‍යවේදීන්ටද විරෝධය පළ කරමින් එම ස්ථානයට පැමිණීම වළක්වා ඇති බවද සඳහන්.  පසුගිය සමයේ කොටකෙතන සිදුවූ ඝාතන සම්බන්ධයෙන් වැරදි ප්‍රවෘත්ති මාධ්‍ය මගින් පළ කිරීම එම විරෝධයට හේතුවී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad