මහින්ද - මෛත්‍රී හමුව 06 වැනිදා? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 4, 2015

මහින්ද - මෛත්‍රී හමුව 06 වැනිදා?

මහින්ද - මෛත්‍රී හමුව 06 වැනිදා?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා ද මේ වන විට ඊට එකඟතාව පළ කර ඇති බවත් දෙදෙනා අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සිදුකෙරෙන බවත් වාර්තා වේ.

කෙසේවෙතත් පසුගිය සතියේ ද මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද එය නොපැවැත්විණි.

ජනපති හා හිටපු ජනපති අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් දෙපාර්ශ්වය නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇති අතර ඊට අදාල කමිටුව අවස්ථා කිහිපයක දී රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad