හොර ඒ.එස්.පී. බදුල්ලේදී අල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 3, 2015

හොර ඒ.එස්.පී. බදුල්ලේදී අල්ලයි

හොර ඒ.එස්.පී. බදුල්ලේදී අල්ලයි
සහකාර පොලිස් අධිකාරිවරයෙකු බව හඟවමින් බදුල්ල නගරයේ වෙසක්  පෙරහර විශේෂ රාජකාරියේ යෙදී සිටි වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (02) රාත්‍රී අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි. 

මෙම පුද්ගලයා සහකාර පොලිස් අධිකාරිවරයෙකයෙකුගේ නිලඇදුමට සමාන ඇදුමක් ඇද තමා සහකාර පොලිස් අධිකාරිවරයෙක් බව හගවමින්, බදුල්ල කම්මානන්කඩ විහාරස්ථානයේ වෙසක් පෙරහැර රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින්ට විධානදෙමින් සිටියදී ඊයේ රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කන්දේගෙදර ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ පුහුණුව ලබා වවුනියාව හා මඩකලපුව ප‍්‍රදේශයේ සේවය කරඇති බවත් සේවයට වාර්තා නොකිරිම හේතුවෙන් 2007 ඔහුගේ රැකියාව අහිමිවි ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වි ඇත.

ඔහු පැලද සිටි හිස්වැසුමේ වෙනසක් තිබ්ම සහ නිලඇදුමේ අක‍්‍රමවත්භාවය නිසා සැක පහල කල උප පොලිස් පරික්ෂකවරයෙක් මේ පිලිබදව බදුල්ල සහකාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට දැනුම් දීමෙන් අනතුරුව බදුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා පොලිස් නිලධාරින් සමග පැමිණ බදුල්ල තානායම අසලදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මානසික ආබාධයකින් පෙලෙන්නෙකු යැයි සැකකල නිසා මානසික වෛද්‍යවරයෙක් හමුවට පමුණුවා වාර්තාවක් ලබාගැනිමටද පොලිසිය කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad