'මගෙත් හිත් වේදනාවල් තිබුණා' - චමල් රාජපක්ෂ ජනපති ඉදිරියේ හෙළි කරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

'මගෙත් හිත් වේදනාවල් තිබුණා' - චමල් රාජපක්ෂ ජනපති ඉදිරියේ හෙළි කරයි (VIDEO)

'මගෙත් හිත් වේදනාවල් තිබුණා' - චමල් රාජපක්ෂ ජනපති ඉදිරියේ හෙළි කරයි (VIDEO)යම් යම් ප්‍රශ්න තිබෙන බවත් අපේ ආණ්ඩු ඇති සමයේත් තමාට හිත් වේදනාවල් තිබූ බවත් කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.

කතානායකවරයා මේ බව පැවසූවේ ඊයේ (25) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිත සම්මේලනයේදීය.

“යම් යම් ප්‍රශ්න තියෙනවා. අපට ආණ්ඩු තියෙන කාලේ මගෙත් හිත් වේදනාවල් තිබුණා. මේ අපි කාටත් තිබුණා. එහි ප්‍රතිඵලවල් තමයි මේ අනම්මනම් වෙලා ගිහිල්ලා තියෙන්නේ. අපි ඒවා අමතක කරන්න ඕන. ඒවා අමතක කරලා ඒවා ගැන යම් අවබෝධයක් ඇති කරගෙන අපෙන් මේ වැරදි සිදුවුණා. 

මේවා අපි නැවත සිදු නොවෙන්න ඉඩ තියන්න ඕන. ඒවා අමතක කරලා අපි අපේ දේශපාලන ගමන ඉදිරියට යන්න ඕන. අපි කිසි කෙනෙක් කැමති නෑ. විපක්ෂයේ වාඩි වෙන්‍න. දැන් අපිට කොහොමවත් බෑ.“ යැයි චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එම වීඩියෝව පහතින් නරඹන්න.


No comments:

Post a Comment

Post Bottom Ad