‘අගමැති අපේක්‍ෂකත්වය මහින්ද දිය යුතුයි’ – ජනපති ඉදිරිපිට යෝජනාවක් සම්මතයි.. ජනපති එකඟ නොවෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

‘අගමැති අපේක්‍ෂකත්වය මහින්ද දිය යුතුයි’ – ජනපති ඉදිරිපිට යෝජනාවක් සම්මතයි.. ජනපති එකඟ නොවෙයි..

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කල යුතු බවට වූ යෝජනාවක් ගාල්ල දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය ඊයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී සම්මත කර තිබේ. 

නාගොඩ ප්‍රාදේශිය සභාවේ උපසභාපති අජිත් එඬේරආරච්චි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ ෂම්මු මහතා එය ස්ථිර කලේය. 

කෙසේ වෙතත් එහිදී ජනාධිපතිවරයා පැවසුවේ වේලාසනින් අගමැති අපේක්‍ෂකයා නම් කිරීම අවාසිදායක විය හැකි බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීද අපේක්‍ෂකයා කල් ඇතිව නම් කිරිම දේශපාලනික වශයෙන් අසාර්ථක වු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad