"බොදු බල සේනාව බටහිර කුමන්ත්‍රණයක්" මහින්ද කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 24, 2015

"බොදු බල සේනාව බටහිර කුමන්ත්‍රණයක්" මහින්ද කියයි

'බොදු බල සේනාව' යනු තමා පරාජය කිරීමේ අරමුණෙන් බිහිවූ බටහිර කුමන්ත්‍රණ මාලාවේ තවත් එක්  මාර්ගයක් යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.

පසුගිය බදාදා ප්‍රංශ පුවත් සේවය හා සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් රාජපක්ෂ මහතා  ප්‍රකාශ කලේ බොදු බල සේනා සංවිධානය පිටුපස තම පවුල සිටින බව බොහෝ දෙනා පැවසුවද එම සංවිධානයේ වැඩ කටයුතු සමඟ තමාට හෝ තම සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු සම්බන්ධතාවක් නොතිබුණ බවයි. තම පාලන සමයේ බොදු බල සේනාවේ නායකයන් නෝර්වේ හා ඇමරිකාව යන රටවල සංචාරය කල බවත් ඒ සංචාරයන්හි  ස්වභාවය අනුව ඒවා බටහිර කුමන්ත්‍රණ බව මනාව පැහැදිලි වන බවත් ඔහු පැවසුවේය.
එමෙන්ම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගේ නම සඳහන් කරමින් හිටපු ජනපතිවරයා පැවසුවේ බොදු බල සේනාව අතින් හිරිහැර සිදු වන විට ඒ පිලිබඳව ක්‍රියා කිරීමට තාමාට අවශ්‍ය වූ බවත් තමා එයින් වැලැක්වීමට චම්පික රණවක මහතා ක්‍රියා කල බවත් ය.

කෙසේ හෝ අවසානයේ සිදුවූවේ බොදු බල සේනාවෙන් සිදුවූ හිරිහැර නිසා මුස්ලිම් ජාතිකයන් තමාට පිටු පෑම හා ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණයෙන් තමාට පරාජයට පත්වීමට සිදුවීම බව මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad