මහින්ද වෙනුවෙන් නුවර ගියොත් දෙන්න දඬුවමක් තාම හිතලා නෑ – සුසිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

මහින්ද වෙනුවෙන් නුවර ගියොත් දෙන්න දඬුවමක් තාම හිතලා නෑ – සුසිල්

හෙට මහනුවරදී පවත්වන රැලියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත‍්‍රීවරයෙකු සහභාගී වුවහොත් ඒ සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ගයක් ගන්නේදැයි තීරණය කර නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව මෙම රැළිය සංවිධානය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් පේ‍්‍රමජන්ත මහතා මෙසේද පැවසීය.

‘අප පක්ෂයේ කිසිවකුත් සහභාගී වෙන්නේ නෑ. අපේ පක්ෂයේ මහජන නියෝජිතයන් පක්ෂයේ ව්‍යවස්ථාව හා පක්ෂ ප‍්‍රතිපත්ති සමග සිටිය යුතුයි. පක්ෂය යම් තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුවට සියල්ලන්ම එකග විය යුතුය’  ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad