ජනපතිගේ අණ නොතකා, මන්ත්‍රී පිරිසක් මහනුවරට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

ජනපතිගේ අණ නොතකා, මන්ත්‍රී පිරිසක් මහනුවරට

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගෙන ඇති තීරණයට අභියෝග කරමින්, අද (06) මහනුවර දී පැවැත්වෙන රැළියට පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී.ල.නි.ප මහජන නියෝජිතයින් කිහිපදෙනෙකුද සහභාගි වීමට නියමිතය.

‘දිනූ රට අනතුරක, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජාතික රැලි මාලාවේ දෙවැන්න අද සවස 3.00ට මහනුවර මධ්‍යම වෙළඳපොළ අසලදී පැවැත්වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සටන ශක්තිමත් කිරීම වෙනුවෙන් අද පැවැත්වෙන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් ද සහභාගිවීමට තීරණය කර ඇත.

ප්‍රසන්න සටන මඟ හැර ඔස්ට්‍රේලියාවේ !

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයේ අගමැති අපෙක්ෂක ලෙස ගෙන ආ යුතු බව පවසන්නනන් අතරේ බස්නාහිර මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ඉදිරියෙන් සිටින නමුත්, ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ සංචාරයකට එක්ව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ මහනුවර රැළිය මග ඇරීම සඳහා ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට ගිය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad