දිමුත් වෙනුවට කුසල් ගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

දිමුත් වෙනුවට කුසල් ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා, අතිරේක ක්‍රිඩකයෙකු ලෙස කැඳවා ඇතැයි වාර්තා වේ.

පුහුණුවීම්වලදී දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්වීම නිසා මේ පියවර ගෙන තිබේ.

මෙවර ලෝක කුසලාන තරගවලියේ දී ආබාධයකට ලක්වූ සිවුවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා දිමුත්ය. මීට පෙර ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් හා රංගන හේරත් ආබාධවලට ලක්විය.

ප්‍රසාද් හා ජීවන් වෙනුවට දුෂ්මන්ත චමීර හා උපුල් තරංග ආදේශ කළ අතර රංගන වෙනුවට සීකුගේ ප්‍රසන්න ඔස්ට්‍රේලියාවට කැදවනු ලැබිනි. කෙසේවුවද මෙතෙක් සීක්කුගේව ලෝක කුසලාන කණ්ඩායමට අන්තර්ගත කර නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad