තුන් හැවිරිදි දරුවකු සිය බිලිඳු සොයුරා ඝාතනය කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

තුන් හැවිරිදි දරුවකු සිය බිලිඳු සොයුරා ඝාතනය කරයි

අමෙරිකාවේ ටෙනිසි ප්‍රාන්තයේ ගම්මානයක තුන් හැවිරිදි දරුවකු සිය දහඅටමස් වියැති සහෝදරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි වාර්තාවේ. බිළිඳු සොයුරාගේ හිසටම ඔහු වෙඩි තබා ඇත.

ඒ සඳහා ඔහු පොයින්ට් 25 රිවෝල්වරයක් භාවිතා කර තිබේ. තුවාලලත් ඔහුගේ සොයුරා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ ඉරණම පිළිබඳ තොරතුරු අනාවරණය වී නැත.

මෙවන් ගිනි අවියක් මේ කුඩා දරුවා අතට පත්ව ඇත්තේ කෙසේද යන්න පොලීසියට ප්‍රශ්නයක්ව ඇති අතර එය යම් කිසිවකු විසින් ඔහු අතට පත්කරන ලද්දේද යන සැකය මතුව ඇතැයි ඔවුන් කියා තිබේ. පොලිස් පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පැවසී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad