සිරියානු අල්කයිඩා හමුදා ප්‍රධානියා ගුවන් ප්‍රහාරකින් මරු දකී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

සිරියානු අල්කයිඩා හමුදා ප්‍රධානියා ගුවන් ප්‍රහාරකින් මරු දකී

සිරියානු අල්කයිඩා ශාඛාව ලෙස සැලකෙන නුස්රා පෙරමුණේ හමුදා ප්‍රධානියා පෙරේදා ගුවන් ප්‍රහාරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මේ බව එම පෙරමුණේ ආරංචි මාර්ගවලින් පැවසී ඇත්තේ ඔවුන්ගේ ඉහළ පෙළේ සටන්කාමින්ගේ රැස්විමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ලවි ඇති බව තහවුරු කරමිනි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හමුදාපති ජෙනරාල් අබු හියුමාම් අල් ෂාමි ය. ඇෆ්ගනිස්තානය,ඉරාකය හා සිරියාවේ ඉස්ලාමිය සටන්කාමින් අතර ප්‍රවීණයකු වූ ඔහු සිරියාවේදී ජිවිතක්ෂයට පත් තම කණ්ඩායමට අයත් ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා බව නුස්රා‍ පෙරමුණ සඳහන් කර ඇත.

එක්සත් ජනපද හමුදා ප්‍රමුඛ කොටගත් සභාග හමුදාවක් විසින් නිරිත දිග ඉඩ්ලිබ් නගරයේ පැවැති සටන්කාමීන්ගේ රැස්වීමක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. එහෙත් පසුගිය 24 පැයේදී එවන් ගුවන් ප්‍රහාර සිදු‍නොකළ බව සභාග හමුදාව කියා තිබේ.

කෙසේ වෙතත් අල්ෂාමි සමග නුස්රා පෙරමුණේ තවත් ඉහළ නිලධාරින් තිදෙනකු ද එම ප්‍රහාරයට ගොදුරුව ඇති බව ඔවුන් ප්‍රකාශ කර ඇත. තුර්කි දේශසීමාසන්න සල්කින් නගරයට මේ ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. 

සිරියානු කැරලිකරුවන්ද පසුගිය කාලයේ ප්‍රතිවාදී සටන්කාමි කණ්ඩායම්වල සාමාජිකයින්ගේ රැස්වීම්වලට බෝම්බ ඇටවීමෙන් ඝාතනයන් සිදු කර ඇති අතර නුස්රා කල්ලියද ඒ හා සමාන අයුරින් කටයුතු කර ඇත. 

අල් හියුමන් අල් ෂාමි ඝාතනය තම කල්ලියට විශාල පාඩුවක් බවද ඔවුන් කියා ඇත.එය නුස්රා පෙරමුණට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක්බවද ඔවුන් කියා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad