ජනපති හැර වෙන නායකයන් අපට නෑ.. රත්නපුරේ ගිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට දඬුවම් දෙනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 27, 2015

ජනපති හැර වෙන නායකයන් අපට නෑ.. රත්නපුරේ ගිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට දඬුවම් දෙනවා..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම්කරන්නැයි ඉල්ලමින් ඊයේ (26 දා) රත්නපුර පැවැති රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන නියෝජිතයන් සහභාගි වී ඇත්නම් ඒ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික, කම්කරු ඇමැති එස්‌. බී. නාවින්න මහතා “දිවයින” ට පැවසීය.

රත්නපුරේ රැලිsයට සහභාගි නොවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක්‌ ගෙන තිබියදී එයට අවනත නොවී පක්‍ෂයේ යම් පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හෝ සංවිධායකවරයකු එහි ගොස්‌ ඇත්නම් ඔවුන්ට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ගවලට යොමුවන බව හෙතෙම කීය.

මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ එස්‌. බී. නාවින්න මහතා මෙසේද කීය.

පක්‍ෂ නායකත්වයට හෝ මධ්‍යම කාරක සභාවට අභියෝග කරන්න කාටවත් බැහැ. පක්‍ෂයක්‌ වුණාම විනයක්‌ තියෙනවා. එක එක්‌කෙනාට ඕන විදියට නටන්න දෙන්න බැහැ. පක්‍ෂයේ සියලුම දෙනා පක්‍ෂය ගන්නා තීන්දු තීරණ අනුව කටයුතු කළ යුතුයි.

අපි හදන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කොට නැවත අපේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටයි. දේශපාලන වශයෙන් යන එනමං නැති සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දැන් විනාශ කරන්න හදනවා. අපි ඒවට ඉඩ දෙන්නේ නෑ. අපේ පක්‍ෂයේ නායකයා අපේ ජනාධිපතිතුමා. වෙන නායකයෝ අපිට නැහැ යෑයිද ඇමැතිවරයා පැවසීය.

– Divaina

No comments:

Post a Comment

Post Bottom Ad