ෆුල්ෆේස් දැම්මොත් අපරාධකරුවෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

ෆුල්ෆේස් දැම්මොත් අපරාධකරුවෙක්

ෆුල්ෆේස් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය මෙම මස 20 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා. 

ඉකුත් කාලසීමාව තුළ මෙවැනි හෙල්මට් පැළඳ බොහෝ අපරාධ සිදුකිරීම හේතුවෙන් අදාල තහනම ක‍්‍රියාත්මක කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියා සිිටියේ. 

මේ නීතිය අපි 2013 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ක්‍රියාත්මක කරන්න හැදුවා. අපිට ක්‍රියාත්මක කරන්න හම්බුණේ නැහැ. අපි තීරණයක් අරගෙන තියෙනවා මේ නිතිය ක්‍රියාත්මක කරන්න. ඒ අනුව සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස්වැසුම් මාර්තු මාසයේ 20වැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. කිසිම හේතුවක් මත මාර්තු මාසයේ 21වැනිදායින් පසුව ලංකාවේ මාර්ගයක මුහුණු ආවරණය කරගත්ත හෙල්මට් එකක් පාවිච්චි කරන්න අවසර ලැබෙන්නේ නැහැ. පදවන පුද්ගලයා වගේම පිටුපස ගමන්කරන පුද්ගලයාත් මුහුණ පෙනෙන ආකාරයට හෙල්මට් පළදින්න ඕන. 

යම්කිසි කෙනෙක් එවැනි හෙල්මටයක් භාවිතා කරොත් එය පොලිසිය භාරයට ගන්නවා. ඒ වගේම ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පවරනවා. පළවෙනි වතාවට රුපියල් 1000ක දඩයක්, දෙවන වරට රුපියල් 2000ක දඩයක් සහ තුන්වෙනි වතාවටත් එම වරදම කරොත් 3500ක දඩයක් සහ ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමේ නියෝගයක් කරන්න අධිකරණයට හැකියාවක් තියෙනවා.

මාර්තු 21 වැනිදා සිට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන් අපරාධකරුවෙකු සේ සැලකීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිිදී සඳහන් කළා. 

මාර්තු මාසයේ 21වැනිදායින් පසුව ලංකාවේ පාරක කොහේ හරි තැනක මේවගේ හෙල්මට් එකක් දාගෙන යනවානම් ඒ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. එහෙමනම් අනිවාරයෙන්ම අපරාධයකට බර වෙච්ච අපරාධ ක්‍රියාකාරකමක් කරන්න යන පුද්ගලයෙක් කියලා තමයි හිතන්න වෙන්නේ.

දැන් වර්තමානයේ එහෙම නැති නිසා ෆුල්ෆේස් හෙල්මට් සහිත යතුරුපැදි පාරේ ගමන්කරන අවස්ථාවේදී එහෙම හිතන්න හැකියාවක් නැහැ. මොකද ඒක සාමාන්‍ය තත්වයක් බවට පත්වෙලා. මාර්තු 20 වෙනිදා දක්වා අපි කාලය ලබා දීලා තියෙනවා. 21 වෙනිදායින් පස්සේ එහෙම යනවානම් පාරේ ඉන්න ඕනෑම කෙනෙක් සැකයෙන් බලන්න ඕන මේ අපරාධකාරයෙක්වෙන්න පුළුවන් කියන තත්වයෙන්.






Source By : Neth FM

No comments:

Post a Comment

Post Bottom Ad