නුගේගොඩ අභියෝගය මහනුවරටත් වලංගුයි.. සිංහ කොඩි, බෞද්ධ කොඩි ඔට්ටු නෑ.. නුගේගොඩට ආවේ බේබද්දෝ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

නුගේගොඩ අභියෝගය මහනුවරටත් වලංගුයි.. සිංහ කොඩි, බෞද්ධ කොඩි ඔට්ටු නෑ.. නුගේගොඩට ආවේ බේබද්දෝ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් 5000ක් නුගේගොඩට ගෙන්වා පෙන්වුවහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට කරන ලද අභියෝගය ලබන 06 වන දින මහනුවරදී පැවැත්වීමට නියමිත රැළියටද වලංගු බව ජාතික සමඟි පෙරමුණේ නායක පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

‘ලංකා සී නිවුස්’ වෙත අදහස් පලකරමින් ඔහු කියා සිටියේ නුගේගොඩ රැළියට එදින පැමිණ සිටියේ 12,000කට අසන්න පිරිසක් බවත් ඉන් වැඩි පිරිස බේබද්දන් බවත්ය.

කෙසේ වෙතත් තමන් මහනුවර රැළිය සම්බන්ධයෙන් කරන අභියෝගය වලංගු වන්නේ සිංහ කොඩි, බෞද්ධ කොඩි නොමැතිව පැමිණියහොත් පමණක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad