රාජාලියාත් මෛත්‍රීට සහය දෙන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

රාජාලියාත් මෛත්‍රීට සහය දෙන්න යයි

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ (රාජාලියා පක්ෂය) එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ. 

2015 ජනාධිපතිවරණය පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපත් දේශයක් සඳහා වූ සටනට පූර්ණ සහයෝගය පළකරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ සඳහන් කරයි. 

මේ සඳහා දැනුවත්වීමේ සංවාදශීලී සුහද හමුවක් එළඹෙන 23වන දින පෙ.ව.10.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad