මාලිංග යළි එක්දින පිටියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 22, 2014

මාලිංග යළි එක්දින පිටියට

පාදයේ ආබාධයක් මත ප්‍රතිකාර ලබමින් සිටින වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග කිහිපයට එක්වීමට නියමිතය.

සිය වම් පාදයේ වළලුකරේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස ඔහු ශල්‍ය කර්මයකට භාජනය වූ අතර මේ වනවිට සුවය ලබමින් සිටි.

'මාලිංග මේ වනවිට සුවය ලබමින් සිටින අතර අප‍ මුලින් සැලසුම් කළ පරිදි ඔහුට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරග දෙකට ක්‍රීඩා කිරී‍මේ අවස්ථාව ලැබේවි.' ශ්‍රී ලංකා පුහුණුකරු මාවන් අතපත්තු කීවේය.

ජාත්‍යන්තර එක්දින තරග 177කට සහභාගි වී කඩුලු 271ක් ලබා සිටින මාලිංග පසුගිය කාලයේ ඉන්දියාව හා එංගලන්තය සමග ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරගාවලි අතරට එක්වූයේ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad