පොදු සිරා මරු බඩුවක්. ඇඳුම ඉන්දියාවෙ, ප‍්‍රතිපත්ති සිංගප්පූරුවේ. හෙට අනිද්දට ඔබාමාගේ කලිසමත් ගහගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

පොදු සිරා මරු බඩුවක්. ඇඳුම ඉන්දියාවෙ, ප‍්‍රතිපත්ති සිංගප්පූරුවේ. හෙට අනිද්දට ඔබාමාගේ කලිසමත් ගහගනී

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා බුදුන්ට දේවදත්තයා ජේසුට ජුදාස් මහින්දට සිරිසේන වී ඇතැයි ඇමති රෝහිත අබේගුණවර්ධන පවසයි.

‘සිරා මරු බඩුවක්. ඇදුම ඉන්දියාවෙ, ප‍්‍රතිපත්තිය සිංගප්පූරුවේ. හෙට අනිද්දා වෙනකොට ඔබාමාගේ කලිසමත් ගහගෙන ඒ කෑල්ල ඇමෙරිකාවෙ කියලා කියාවි. 

මේ වගේ රූකඩ නායකයො මේ රටේ ජනාධිපතිකම් කරන්න හදනව. මේක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. කුමන්ත‍්‍රණය සිදුවුණේ අද-ඊයේ විතරක් නෙවෙයි. බුදුන් වහන්සේට දේව දත්ත හිටියා. 

ජේසුස් වහන්සේට ජුදාස් හිටියා. ගුත්තිලට-මූසල,මහින්ද රාජපක්ෂට සිරිසේන. දේවදත්තගේ නම කියනකොටත් බෞද්ධයා කම්පා වෙනවා. රොටිය කාලා පාවා දුන්න ජුදාස්ගේ නම කියනකොටත් මිනිස්සු සාප කරනවා. මෙහෙ ආප්පෙ කාලයි පාවා දුන්නේ’ යයිද ඇමතිවරයා කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad