ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන වසරේදී ආරම්භ කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් ප්‍රදර්ශනයක් වන Construction Expo ප්‍රදර්ශනය ලබන වසරේ (2015) ජුනි මස 12, 13, සහ 14 තෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීම වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් අඛන්ඩව සිව් වැනි වරට මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ රටේ අභ්‍යන්තර ගැටුම් අවසන් කර රටක් හැටියට ජාතියක් හැටියට ඒ ගැටුමෙන් එළියට ඇවිල්ලා ලෝකයේ අනෙකුත් රටවල් සමඟ තරඟකාරීව ඒවා අභිබවමින් ඉදිරියට යන්නේ කොහොමද? කියන ප්‍රශ්නයට උත්තර සොයන්න ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානය යොමුකොට කැපවෙන්න අපේ රටට අවස්ථාව ලැබුණේ ගෙවුණු අවුරුදු 4 තුළයි.
ඊට කලින් අපේ රටේ තිබුණේ ත්‍රස්තවාදය පැරදවීම නැතිනම් ගැටුම් නිමාකිරීම කියන ප්‍රධාන ප්‍රශ්න. අද අපි එම මාතෘකා අවසන්කොට තිබෙනවා. ජනාධිපතිතුමා ඇතුළු රණවිරුවන් එම මාතෘකා අතීතයට පමණක් සීමා කරලා තියෙනවා.
එම මාතෘකා සමඟ අනාගතය කරා අපි යන්නේ නැහැ. දැන් අපි ගෙවුණු අවුරුදු 4 සිට අනාගතය කරා යන්නේ ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ ඉලක්ක තබාගෙන. අපි දැන් අනෙකුත් රටවලට වඩා ආර්ථික හා සමාජීය පැත්තෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා බැලිය යුතුයි. හැම රටක්ම ලැබූ ජයග්‍රහණ පිටුපස ශක්තිමත් නායකත්වයක් තිබුණා.
දකුණු කොරියාව ගත්තත් මිලිටරි ස්වරූපයේ නායකත්වයක් තිබුණත් ඒ රට පිළිවෙලක් කළා. ස්ථාවර කළා. ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් පදනම හැදුවා. මහතීර් මොහොමඩ් පිළිබඳව වුවත් ඇතැමුන්ගේ විවිධ විවේචන තිබුණත්, එම කාලය තුළ මැලේසියාව ඉදිරියටද ගියේ නැත්නම් පස්සටද ආවේ කියන කරුණ පමණයි වැදගත් වන්නේ.
සිංගප්පූරුවේ ලී ක්වාං යූ ඒ රට ගොඩනගපු ආකාරය පිළිබඳව සමහර ලිබරල් මතවාදීන්ට විවිධ විවේචන තිබෙන්න පුළුවන්. තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හීන දකින මහත්වරුන්ට ඒවායේ අඩුපාඩු පෙනෙන්න පුළුවන්. නමුත් වැදගත් වන්නේ සිංගප්පූරුව එදාට වඩා අද ශක්තිමත්ද නැද්ද කියන කරුණ.
බහුවිධ මත දරණ දේශපාලන ක්‍රියාකාරීත්වයන්, දේශපාලන කඳවුරු නිර්මාණය වෙලා තියෙන නිසා ලෝකයේ පරමාදර්ශීම නායකත්වය ආවත් ඒ පිළිබඳව සෑහීමට පත්නොවන කණ්ඩායම් නිර්මාණය වන එක වළක්වන්න බැහැ. ඒ අපි භුක්තිවිදින ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය.
කන්ස්ට්‍රක්ෂන් එක්ස්පො (Construction Expo) – 2015 වැඩසටහනට එදාට වඩා අද තිබෙන අවස්ථාවන් වැඩිද? අඩුද? කියලා එහි සංවිධායක මණ්ඩලයට අද තේරෙනවා.
විදේශීය ආයතනවල ආකර්ෂණය එදාට වඩා අද අඩුද? වැඩිද? කියලා දැනෙනවා. කලින් ශ්‍රී ලංකාව හඳුන්වලා තිබුණේ ලේ පාටින් ලකුණු කල පිංතූරයක් හැටියට. දෙකට බෙදෙන්න ආසන්න රටක් අපට තිබුණේ. නමුත් අද ඇමරිකාවේ ෆෝබ්ස් සඟරාවේ ලබන වසරේ සංචාරයකයන්ට යෑමට තිබෙන රටවල් 10 න් හොඳම රටක් ලංකාව බව සඳහන් වෙලා තිබෙනවා. අන්තර්ජාතික තලයේ අපට තිබෙන ප්‍රතිරූපය ක්‍රමානුකූලව වෙනස් කරගෙන යනවා.
රටට එන ඕනෑම විදේශිකයෙකු පවා පිළිගන්නවා ගෙවුණු වසර 4 තුළ මේ රටේ විශාල පරිවර්තනයක් සිදුවෙලා තිබෙනවා කියලා. සංවර්ධනය නැමැති අභියෝගය ජයගන්න බැහැ, රටක් ඊට ගැළපෙන සළුපිළිවලින් සැරසිලා තිබුණේ නැත්නම්. මුළු රටේම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කියන්නේ සංවර්ධනය නමැති යෝධ ගමන යන්න සළුපිළි වලින් රට සරසනවා කියන එක.
මේ රටේ ඒ ගොඩනගන ලද පදනම විශාල ලෙස භුක්තිවිඳින කාලයක් තමයි ඉදිරි අවුරුදු 5 කියන්නේ. චීනය සමඟ නිදහස් ආර්ථික ගිවිසුමක් අත්සන් කළා. එමඟින් මේ රටේ කර්මාන්තකරුවන් සූදානම් වෙනවා ලෝක චීන වෙළඳපොළට තමන්ගේ නිෂ්පාදන ගෙනයාමට. අද අලුත් බලාපොරොත්තු මේ පොළවේ ලියලන්නේ, අවිනිශ්චිතතාවය නැතිකර රටේ ස්ථාවරභාවය ඇතිකරලා අභ්‍යන්තර ගැටුම් නැති කළ නිසා. මේ රටේ දශක 4 ක, 5 ක පමණ භෞතික පරිවර්තනයක් පසුගිය කාලය තුළ සිදුවෙලා තියෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්, ඉදිකිරීම්කරුවන් ඒ වගේම ශිල්පීන් බොහෝ දෙනෙක් මෙම ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනයේ ප්‍රතිලාභ සෑම අංශයකටම හිමිවෙලා තිබෙන බව අද පිළිගන්නවා. කුඩා පරිමාණයේ ඉදිකිරීම්කරුවන්ට රාජ්‍ය මට්ටමෙන් අතදෙන්න මෙතෙකේ අපට අවස්ථාවන් තිබුණේ නැහැ.
තිබුණත් තිබුණේ සීමා සහිත හැකියාවක්. වසර 18 ක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න උත්සාහ කළ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරී පනත පසුගියදා අපි පාර්ලිමේන්තුවේදී සම්මත කළා. තව නොබෝ දිනකින් එම අධිකාරිය නිල වශයෙන් ස්ථාපිත කරන්න එම ගැසට් නිවේදනයට මම අත්සන් කරනවා. අනතුරුව ICTAD කියන ආයතනය වෙනුවට SLIDA ආයතනය හැටියට එය අභිෂේක ලබනවා.
එහි අරමුදල් 2 ක් ගොඩනැගෙනවා. එම අරමුදල් 2 න් 1ක් එම ක්ෂේත්‍රයේ නව තාක්ෂණය සොයා ගැනීම හා පර්යේෂණ පැත්ත දිරිගන්වන්න අරමුදල් සම්පාදනය වෙනවා. ඒ වගේම ඉතා වැදගත් කොටසක් ලෙස සැලකෙන ඉදිකිරීම් ශිල්පීන්ට අවශ්‍ය සමාජ පිළිගැනීම ලබාදෙන්න, ඔවුන්ට අවශ්‍ය සම්පත් ලබාදෙන්න එම අරමුදලෙන් අපට හැකියාව ලැබෙනවා.
මෙම පනතේ අපිට ලැබී තිබෙන ශක්තිය පදනම් කරගෙන ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන වසරේදී ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයට ඉදිකිරිම් කර්මාන්තයේ අභියෝග ජයගනිමින් අපි ඉදිරියට යනවා.
අද වෘත්තීය පුහුණු අමාත්‍යාංශය තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන 23 ක් හා තාක්ෂණ විද්‍යායතන 10 ක් මේ රටේ ඉදිකරගෙන යනවා.
එමඟින් විවිධ ක්ෂේත්‍රවලට අදාල තාක්ෂණික ඥාණය සහිත ශ්‍රමිකයින්ට දේශීය මෙන්ම විදේශීය ශ්‍රම වෙළඳපොළට පිවිසෙන්න අවස්ථාව හිමිවෙනවා. ඒ පරිවර්තනය අද වෙමින් පවතිනවා. එම නිසා අපි විශ්වාස කරනවා කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2015 ඉදිකිරීම් ප්‍රදර්ශනය මීට පෙර පැවති සෑම ප්‍රදර්ශනයකටම වඩා සෑම අංශයකම වර්ධනයක් ඇති කිරීමේ හැකියාවක් ලැබෙයි කියලා.
චීනය ඇතුළු රටවල් ගණනාවක් මේ සඳහා දායක වීමෙන් ඔවුන් සමඟ සම්බන්ධ වී අත්දැකීම් බෙදා ගැනීමට හැකිවීම මඟින් මෙම ක්ෂේත්‍රයේ ඉදිරි ගමන තවත් වැඩිදියුණු වෙනවා. මෙම ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ සංගමය දක්වන දායකත්වය අපි සැමදා අගය කළ යුතුයි. විෂයභාර අමාත්‍යවරයා හැටියට ඔහුගෙන් ඉටුවන සේවය අගය කිරීමට පමණක් නොවේ, ඔවුන්ට ඉදිරියේදි ලබාදිය හැකි සෑම සහයෝගයක්ම උපරිමයෙන් ලබාදෙන්න බලාපොරොත්තු වෙමින් කන්ස්ට්‍රක්ෂන් එක්ස්පො 2015 ඉදිකිරීම් ප්‍රදර්ශනය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
පසුගිය වසර කිහිපය මුළුල්ලේ මෙම ප්‍රදර්ශනය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ පිළිබද උනන්දුවක් දක්වන පාරිභෝගිකයින්ට මෙන්ම භාණ්ඩ හා සේවා සම්පාදකයින්ටද, නව ප්‍රවණතා දැක හදුනාගැනීමට, නව පාරිභෝගිකයින් හමුවීමට සහ ක්ෂේත්‍රය තුළ සබදතා වර්ධනය කරගැනීමට අවකාශ සලසන වඩාත්ම ඵලදායී හා පරිපූර්ණ ප්‍රදර්ශනය ලෙසට ඉහළ පිළිගැනීමක් ලබා ඇත.
ඊට අමතරව, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන විදේශීය සමාගම්වල සහභාගීත්වයෙන් යුක්තව ප්‍රදර්ශනය ඒකාලෝක කරවන ලෝක ඉදිකිරීම් සම්මන්ත්‍රණයක්ද “ Construction Expo 2015 ” සදහා ඇතුළත් වේ. එමගින්, ප්‍රදර්ශනයට නව එළියක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ දැනුම සහ ප්‍රාගුණ්‍යයද එක්වෙනු ඇත.
සමාගම් 30 කට වඩා සහභාගී වන විශේෂ චීන පර්යන්තයක්ද සහිත වන මෙම ප්‍රදර්ශනයේදී, පැමිණෙන චීන නියෝජිත ව්‍යාපාර – ව්‍යාපාර අතර හමු පැවැත්වීම සහ මෙරටින් අලෙවි නියෝජිතයින් හා බෙදිහරින්නන් සොයාගැනීම අරමුණු කරගනු ඇත.
– Con. media
Tuesday, December 23, 2014
ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන වසරේදී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment