Samsung Galaxy S6 දුරකථනයේ තොරතුරු පිටවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 13, 2014

Samsung Galaxy S6 දුරකථනයේ තොරතුරු පිටවේ

සෑම වසරකම Samsung සමාගම විසින් Samsung Galaxy S ඛාණ්ඩයේ, ස්මාට් ජංගම දුරකථනයක් වෙලඳ පොළට නිකුත් කරනු ලබනවා. 

2014 වසරේ දී එය Samsung Galaxy S5 ලෙසින්   නිකුත් කරනු ලැබුවා. එම නිසා 2015 වසරේ දී එය, නිකුත් කිරිමට නියමිතව තිබෙන්නේ Samsung Galaxy S6 ලෙසටය.

දැනටම මෙහි මුලික වැඩ කටයුතු Samsung සමාගම විසින් අරම්භ කර ඇති බවට තොරතුරු පලවනවා. දැනට මෙය "Project Zero" යන කේත නාමයෙන් හදුන්වනු ලබනවා.
  
මෙහි පිටුපස කැමරාව මෙගා පික්සල් 20 ප්‍රමාණයෙන් නිකුත් වන බවට වාර්තා පල වී තිබෙනවා. ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 5 ප්‍රමාණයකින් වේ. 
  
මෙම දුරකථනය මාදිලි දෙකකින් නිකුත් කිරීමට සමාගම බලාපොරොත්තු වේ . එක් මාදිලියක් ඇමරිකානු වශයෙනුත් අනෙක් මාදිලිය අනෙකුත් ආසියානු රට වලට නිකුත් කිරිමට  ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

 Samsung Galaxy S6 දුරකථනයේ දත්ත ගබඩා කිරිමේ ධාරිතාව පදනම් කරගෙන කොටස් තුනකට බෙදා තිබේ. එය 32GB, 64GB, 128GB වශයෙන් වේ. දුරකථනය පිටත ආවරණය අලුමිනියම් වලින් සැදීමට නිර්මාණකරුවන් කටයුතු යොදා තිබේ.

මෙමගින් ඔවුන් ජංගම දුරකථනයේ ශක්තිමත් බව වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ඇන්ඩ්‍රොයිඩ් නවතම සංස්කරණයත් සමඟ ලබන වසරේ එනම් 2015 වසරේ මාර්තු මාසයේ වෙළඳ පොල වෙත නිකුත් කිරිමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad