බස්නාහිර ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම ගැන මහ ඇමති නියමයෙන් පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 13, 2014

බස්නාහිර ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම ගැන මහ ඇමති නියමයෙන් පරීක්ෂණ

බස්නාහිර පළාතේ තෙවන වාර විභාගයේ 11 ශ්‍රේණිය ගණිත ප‍්‍රශ්න පත‍්‍රය කලින් පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. ඒ සඳහා අධ්‍යාපන විශේෂඥයින් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා.

ඊයේ පැවති 11 ශ්‍රේණිය ගණිත ප‍්‍රශ්න පත‍්‍රය මීගමුව සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශවල පිහිටි පෞද්ගලික උපකාරක පන්ති දෙකකදී මීට පෙර ලබා දී ඇති බව අප වෙත වාර්තා වුණා. 

ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයෙන් කළ විමසීමකදී එහි ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා ද එය තහවුරු කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා කිසියම් අක‍්‍රමිකතාවක් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ පිරිස්වලට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවයි ඒ මහතා අවධාරණය කළේ. 

මේ අතර 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයන උපකාරක පන්ති ගුරුවරියක් විසින් සිසුන්ට ලබාදුන් ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රයක ඇතුළත්ව තිබූ ප‍්‍රශ්න 40ක් ඒ ආකාරයෙන්ම මෙවර වාර විභාග ප‍්‍රශ්න පත‍්‍රයට ඇතුළත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද අප වෙත තොරතුරු වාර්තා වුණා. 

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ අදාළ ගුරුවරිය 2009 වසරේ සිට තම උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට කෙටි ප‍්‍රශ්න 250කින් පමණ සමන්විත නිබන්දනයක් ලබාදෙන බවයි. 

අදාළ නිබන්දනයේ ඇතුළත් ප‍්‍රශ්න 40ක් ඒ ආකාරයෙන්ම මෙවර ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන ප‍්‍රශ්න පත‍්‍රයට ඇතුළත් වී තිබෙනවා. කෙසේවෙතත් අදාළ ගුරුවරිය ප‍්‍රශ්න පත‍්‍ර සැකසීමට හෝ ඒ හා සම්බන්ධ කිසිදු පරිපාලන කටයුත්තකට සම්බන්ධ වී නැහැ.

කෙසේවෙතත් නෙත් නිවුස් කළ ගවේෂණයේදී අනාවරණ වුණේ ප‍්‍රශ්න පත‍්‍රය සකස් කිරීම භාර ආචාර්ය මණ්ඩලය විසින් අදාළ ගුරුවරියගේ නිබන්දනයේ තිබූ ප‍්‍රශ්න ඒ ආකාරයෙන්ම මෙවර 10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයන ප‍්‍රශ්න පත‍්‍රයට ඇතුළත් කර ඇති බවයි.

ගුරුවරිය විසින් 2009 වසරේ සිට සිසුන්ට ලබාදුන් නිබන්දනය සහ මෙවර 10 ශ්‍රේණිය සිසුන්ට ලබාදුන් ප‍්‍රශ්න පත‍්‍රය පහලින්












අනුග්‍රහය : නෙත් නිවුස්

No comments:

Post a Comment

Post Bottom Ad