ජනාධිපතිවරණයේදී මහින්දට සහයෝගය දීම සලකා බලන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 12, 2014

ජනාධිපතිවරණයේදී මහින්දට සහයෝගය දීම සලකා බලන්න සූදානම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එළැඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්වීම සඳහා සලකා බැලීමට සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ  මෙතෙක් ඒ සඳහා නිල ආරාධනාවක් ලැබී නැතත් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලීමට සුදානම් බවයි.

දෙමළ ජාතික සන්ධානය මෙතෙක් රජයට සහයෝගය දක්වා නැති බැවින්, මෙවර හෝ සහයෝගය ලබාදීමට ඉදිරිපත් වන්නැයි ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් දෙමළ සන්ධානයේ සාහය ඉල්ලා ඇති බවට පල වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments:

Post a Comment

Post Bottom Ad