ට‍්‍රාන්ස් පැසිපික් එකගතාවය අත්සන් තබන ලෙස ඔබාමාගෙන් බලපෑම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 12, 2014

ට‍්‍රාන්ස් පැසිපික් එකගතාවය අත්සන් තබන ලෙස ඔබාමාගෙන් බලපෑම්

ට‍්‍රාන්ස් පැසිපික් සහයෝගිතා ගිවිසුම සඳහා සාකච්ඡ කරමින් සිටින රටවල් 12ට එහි අවසන් එකගතා වලට එළඹෙන ලෙස ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාගේ බලපෑම් එල්ලවී ඇතැයි වාර්තා වේ.

ආසියා පැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරවාරයේදී අදාළ රටවල් අතර ට‍්‍රාන්ස් පැසිපික් එකගතාවය පිළිබඳවද සාකච්ඡ කෙරෙමින් ඇතැයි පැවසේ.

මෙය අවසන් කිරීමට කාල රාමුවක් සකසා නොමැති වුවත් දින 8ක සිය ආසියානු සංචාරය තුළදී අවසන් එකගතාවයන්ට පැමිණිය හැකිවනු ඇතැයි ඇමරිකාව විසින් විශ්වාසය පළ කර තිබේ.

මේ වන විට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ආසියා පැසිපික් සහයෝගිතා සමුළුවට සහභාගී වීම සඳහා චීනයට ගොස් සිටින අතර ට‍්‍රාන්ස් පැසිපික් සහයෝගිතාවය තුළ චීනය නොසිටීම විශේෂත්වයකි.
ගිවිසුම මගින් රටවල් 12 අතර භාණ්ඩ හා සේවා සඳහා බදු අයකිරීම අත්හිටුවීමට නියමිතය.

එමෙන්ම කම්කරු නීති, රජයේ මූල්‍ය සම්පාදනය, රාජ්‍ය සමාගම්, බුද්ධිමය දේපළ සහ පරිසර ආරක්‍ෂණය පිළිබඳ රෙගුලාසි වෙනස් කරනු ඇතැයිද පැවසේ.

එමෙන්ම මෙමගින් ආසියාව තුළ ඇමරිකාවේ බලපෑම ඉහළ නැංවෙනු ඇති අතර එය ඔබාමා ජනාධිපතිධුරයට පත්වූ මුල් කාලයේ සිට පැවති ඉලක්කයකි.

කෙසේවෙතත් විචාරකයන් පවසා ඇත්තේ මෙයින් වැඩි වාසි අත්වනු ඇත්තේ විශාල ව්‍යාපාරයන්ට පමණක් බවයි.  ඇමරිකාව තුළ සම්මත කරගත නොහැකිව ඇති නියාමනයන් අහෝසි කිරීම් පිළිබඳ යෝජනා රහසිගත ට‍්‍රාන්ස් පැසිපික් යෝජනාවන් තුළ ඇතැයි විකිලීක්ස් විසින් අනාවරණය කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad