ගාසා මෙහෙයුමට පෙර බි‍්‍රතාන්‍යය ඊශ‍්‍රායලයට අවි සපයලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 27, 2014

ගාසා මෙහෙයුමට පෙර බි‍්‍රතාන්‍යය ඊශ‍්‍රායලයට අවි සපයලා

ගාසා තීරයේ සිදුකළ ඊශ‍්‍රායල හමුදා මෙහෙයුමට පෙර ගතවූ මාස 6 ක කාලය තුළ බි‍්‍රතාන්‍ය රජය විසින් පවුම් මිලියන 7ක් වටිනා අවි අපනයනය කිරීමේ බලපත් නිකුත් කර ඇතැයි හෙළිවී තිබේ.

අවි වෙළඳාමට එරෙහි ක‍්‍රියාකාරිකයන් සංවිධානය පවසා ඇත්තේ මේ වසරේ ජනවාරි සහ ජුනි අතර කාලයේදී පවුම් මිලියන 6.96ක් වටිනා අපනයන බලපත් 68ක් ඊශ‍්‍රායලය සඳහා ලබාදී ඇති බවයි.

නියමු රහිත ඩ්‍රෝන යානා කොටස්, ප‍්‍රහාරක යානා සහ හෙලිකොප්ටර කොටස්, ස්නයිපර් රයිෆල අමතර කොටස් ආදිය සඳහා ලබාදුන් බලපත් මේ අතර වෙතැයි පැවසේ.

අවි වෙළඳාමට එරෙහි ක‍්‍රියාකාරිකයන්ගේ ප‍්‍රකාශක ඇන්ඩෘ ස්මිත් පවසා ඇත්තේ ගාසා තීරයේ ජනතාවට එරෙහිව යොදාගත් බවට ව්‍යාපාර ලේකම්වරයා සැක පහළ කළ අවි බෝම්බ ප‍්‍රහාර එල්ලවන තුරුම බි‍්‍රතාන්‍යයෙන් සපයා ඇති බවයි.

තාන්‍යයව නිකුත් කළ බලපත් 12ක අවි ගාසා මෙහෙයුම් සඳහා යොදාගන්නට ඇතැයි අගෝස්තු මසදී ව්‍යාපාර, නව නිපැයුම් හා කුසලතා දෙපාර්තමේන්තු ලේකම් වින්ස් කේබල් විසින් නිකුත් කළ වාර්තාවක් මගින් දැක්විණි.

කෙසේවෙතත් මෙතෙක් ඊශ‍්‍රායලයට කෙරෙන කිසිදු අවි සැපයුමක් අත්හිටුවීමට බි‍්‍රතාන්‍ය රජය විසින් පියවර ගෙන නොමැත.
ගාසා තීරයේ ඊශ‍්‍රායල මෙහෙයුම් වලින් පලස්තීන වැසියන් 2000ක් පමණ ඝාතනය වූ අතර ඊශ‍්‍රායල ජාතිකයින් 73ක් මරුමුවට පත්විය.  

2008-2009 ගාසා ප‍්‍රහාර සඳහාද බි‍්‍රතාන්‍ය නිෂ්පාදිත අවි යොදාගත් බව මින් පෙර හෙළිවිය.

No comments:

Post a Comment

Post Bottom Ad