‘ඉ-රාජ්‍යයක්’ වෙනුවෙන් සවි බල ගැන්වීමේ තවත් අදියරක් ක්‍රියාත්මකයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 27, 2014

‘ඉ-රාජ්‍යයක්’ වෙනුවෙන් සවි බල ගැන්වීමේ තවත් අදියරක් ක්‍රියාත්මකයි..

‘ඉ-රාජ්‍යයක්’ සදහා අවශ්‍යය   රාජ්‍යය අංශයේ මානව සම්පත සවි බල ගැන්වීමේ  තවත් අදියරක් මේ වන විට   ක්‍රියාත්මක කර තිබෙන බව ශ්‍රිලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ඉ- නායකත්ව සංවර්ධනය තේමා කර ගනිමින් මෙය ක්‍රියාවට නංවා තිබෙන බව නියෝජිතායතනය පවසයි. මේ යටතේ රාජ්‍ය ආයතනයන්හි කාණ්ඩ දෙකකට අයත්  නිලධාරීන් සදහා මෙම ඉ-නායකත්ව සංවර්ධන පුහුණුව ලබා දෙන බව නියෝජිතායතනය සදහන් කරයි.

මේ අනුව රාජ්‍ය ආයතනයන්  තුල ‍ඉ-රාජ්‍ය සංකල්පය යතාර්තයක් කර ගැනීමට අවශ්‍යය පුහුණුව මෙම නිලධාරීන්ට මෙහිදී ලබා දෙනු ඇත.

පුහුණුවේදී ලබා ගත් මෙම දැනුම රාජ්‍ය ආයතනයේ සෙසු නිලධාරීන්ට ලබාදීම,  ඉ-රාජ්‍යයට සුදුසු පසුබිම රාජ්‍ය ආයතනයක් තුල  නිර්මාණය කිරීම  ‍ඊට අනුව මහජන සේවාවන් සිදු කිරීම ආදී කටයුතු මෙම‍‍ ඉ- නායකත්ව සංවර්ධන පුහුණුව ලබන නිලධාරීන්ට පැවරෙනු ඇත.
රාජ්‍ය නිලධාරීන් දෙසීයක‍ට පමණ මෙම පුහුණුව ලබා දීමට නියමිත බවද නියෝජිතායතනය පවසයි.

විශිෂ්ට ලෙස මහජන සේවා සැපයීම සඳහා තොරතුරු තාක්‍ෂණය භාවිතා කරන   රටවල් අතරින් ශ්‍රී ලංකා‍ව දකුණු ආසියාවේ මුල් තැනට පත්වී තිබෙන බව 2014  එක්සත් ජාතීන්ගේ ‘ඉ-රාජ්‍ය’ සංවර්ධන වාර්තාව පසුගියදා  අනාවරණය කර තිබු බවද නියෝජිතායතනය පවසයි.

– ICTA

No comments:

Post a Comment

Post Bottom Ad