ඉන්දීය රජය පිරිනමන ඉහළ ම සම්මානය වන ‘භාරත් රත්න’ සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම සඳහා යෝජනා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
භාරතීය ජනතා පක්ෂයේ මිත්‍ර පක්ෂ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම සඳහා නායකත්වය ලබා දීම සැලකිල්ලට ගෙන මෙම සම්මානය පිරිනමන ලෙස සුබ්‍රමනියන් ස්වාමි මහතා ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.
ඉන්දීය රජය පිරිනමන ඉහළ ම සම්මානය වන ‘භාරත් රත්න’ සම්මානය මීට පෙර ලොව පුරා පුද්ගලයින් 43 දෙනෙකුට පිරිනමා තිබේ. ඒ අතර, තෙරේසා මව්තුමිය, නෙල්සන් මැන්ඩෙලා සහ සචින් ටෙන්ඩුල්කාර් ද වෙති.
Tuesday, October 21, 2014
ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් සම්මානයක් ?
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment