ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කැඳවුකාරත්වය දරන පිවිතුරු හෙටක් සංවිධානය විසින් ඉදිරිපත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාවලිය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ ස්ථාවරය ලබන 19 වන දින ප්‍රකාශ කරන බව එම පක්‍ෂ මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.රතන හිමියන් විසින් සඳහන් කලේ ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකර ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැරදවීම සඳහා පාරට බහින බවයි.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ ගැන හෙළ උරුමය අභ්‍යන්තරයේ දැඩි මතභේදකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.
No comments:
Post a Comment