හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස හා ඇමති විවල් වීරවංශ අතර ඇති වෙනස ජ්‍යෙෂ්ඨ ඇමති ඒ.එච්.එස්. ෆවුසි මහතා කියයි.කොළඹ පැවැති උත්සව සභාවක් අමතමින් ඒ මහතා සඳහන් කලේ මෙසේය.
‘ඒ දවස්වල ප්‍රේමදාස මහත්තයගේ නාම යෝජනාවලට අත්සන් කළේ බගේ බිරිඳගෙ තාත්තා. මගේ මාමාණ්ඩි. ඒ කාලේ අපි බොහොම සුහදව වැඩ කළා. මුස්ලිම් අපේක්ෂකයින් සිටියදීත් ජාතිභේද බලන්නේ නැතිව ප්‍රේමදාස මහත්තයව පළමුවන තැනට ගෙනාවා.
ඉන්පසුව මම කොළඹ මහ නගර සභාවට ඉල්ලලා නගරාධිපති වුණා. එදා අද වගේ නගරාධිපති අපේක්ෂකයෝ නම් කරන්නෙ නැහැ. බහුතර කැමැත්තෙන් තමයි මම නගරාධිපති වුණේ. එතකොට ප්‍රේමදාස මහත්තය හිටියෙ මැද කොළඹ ආසනේ.
මමත් ඉල්ලුවේ මැද කොඹින්. අනාගතයේ දි මම ප්‍රේමදාස මහත්තයට අභියෝගයක් වෙයි කියලා එතුමා හිතුවා. ඒ නිසා මට පක්ෂයෙන් එළියට බහින තැනට වැඩ කළා. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මාත් එක්ක හිටියා. අන්තිමට එතුමා මට කිව්වා දැන්නම් මොකුත් කරන්න බැහැ ඒ මනුස්සයගේ කට මට ඒ තරම් වටිනවා කියලා.
ඒදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා බය වුණේ ප්‍රේමදාස මහත්තයගේ කටට. ඒත් විමල් වීරවංශ අමාත්‍යතුමා කියන්නේ ප්‍රේමදාස මහත්තයගේ කටට වඩා හොඳ කටක්.වෙනසකට තියෙන්නේ ප්‍රේමදාස මහතා කුණුහරුප කියනවා. වීරවංශ මහතා කුණුහරුප කියන්නේ නැහැ’
lanka C news
No comments:
Post a Comment