එ.ජා.ප. කඩා පනින මන්ත‍්‍රීවරුවරුන්ට මහර දී හිර බත් කවති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

එ.ජා.ප. කඩා පනින මන්ත‍්‍රීවරුවරුන්ට මහර දී හිර බත් කවති..

http://ift.tt/eA8V8J

එක්සත් ජාතික පක්‍ෂ කඩා පනින මන්ත‍්‍රී ඒකකය මහර බන්ධනාගාරයේ කටයුතු සොයා බැලීම සඳහා ඊයේ දිනයේ එහි ගිය අතර එහිදී ඔවුන් සිරකරුවන් වෙනුවෙන් පිසෙන ”හිර බත” ද අනුභව කරමින් බන්ධනාගාරයේ සැබෑ තත්ත්වය පිළිබඳව සොයා බලා ඇත.

මන්ත‍්‍රීවරුන් ‘හිර බත’ කා බන්ධනාගාරයේ සිරකරුවන්ට ලබා දෙන ආහාර වේලේ රසය, ගුණය සහ පිරිසිදුකම පිළිබඳව අත්දැකීමෙන්ම කරුණු අවබෝධ කර ගැනීමට බන්ධනාගාරයේ මුළුතැන් ගෙයද නිරීක්ෂණය කර ඇත.

මන්ත‍්‍රීවරුන්ට සැපයුණු බත් වේලට මුරුංගා ව්‍යංජනයක්ද, නිවිති සහ පරිප්පු එකට පිසින ලද ව්‍යංජනයක් සහ කෙළවල්ලන් මාළු ව්‍යංජනයක් ද ඇතුළත් විය.

මන්ත‍්‍රී කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත් එම බන්ධනාගාර අධිකාරි ටී.අයි. උඩුවර මහතා ප‍්‍රධාන නිළධාරීහු මන්ත‍්‍රීවරුන් පිරිස විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර පරිශ‍්‍රයට කැඳවා ගෙන ගියහ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad