රත්නපුරේ බට්ටීට අජිත් රෝණගෙන් ආයාචනයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

රත්නපුරේ බට්ටීට අජිත් රෝණගෙන් ආයාචනයක්..

http://ift.tt/eA8V8J

තමන් සිටින තැතක් දන්වන ලෙස පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා රත්නපුරේ කාන්තිලතා නොහෙත් බට්ටීගෙන් ඉල්ලා සිටී.

පසුගියදා රත්නපුර නගරය මැදදී පොලිස් සැරයන් වරයෙකු පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් ඇය මෙතෙක් පැමිණිල්ලක් කර නැතැයිද කී ඔහු ඒ සඳහා ඇය සිටින තැනක් දන්වන්නේ නම් පොලිස් නිලධාරීන් එවිය හැකි යයිද කීවේය.

සිද්ධිය ගැන දැනට 15 දෙනකුගේ කට උත්තර ලියාගෙන තිබුණද එම කාන්තාව මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් කර නැති බවත් ඔහු සඳහන් කරයි.

පොලිස් සැරයන් වරයා ඇයට වේවැලකින් පහර දී ඇත්තේ එම කාන්තාව හා තවත් වීදි කතක අසභ්‍ය වචනයෙන් බැන ගනිද්දී යයි දැනට පෙනී යන බවද ඔහු කීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad