කහ ඉර නැතිව පාර පැන්නොත් පොලීසියෙන් දඩ කොල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 1, 2014

කහ ඉර නැතිව පාර පැන්නොත් පොලීසියෙන් දඩ කොල

පාර මාරු වීමේදී පදික මාරු භාවිතා නොකරන්නන්ට දඩ කොල නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු සාකච්චා කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කලේ වාහන ධාවනයේදී ජංගම දුරකතනය භාවිත කිරිම, ආසන පටි නොපැළද වාහනයක් ධාවනය, වාහනයේ ඉදිරිපස වීදුරු අඳුරු කිරීම, පදික මාරුවකින් තොරව වෙනස් ස්ථානයකින් මාරු වීම, රතු එළිය තිබියදි ධාවනය කිරීම, ඉරි කැපිම වැනි වරැදි සඳහා අධිකරණයට ඉදිරිපත් විමෙන් තොරව දඩකොළයක් ලබාදීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳව බලධාරීන් සමඟ සාකච්චා කරන බවයි.

සුළු වැරදි ලෙස සැලකුණද පවතින නිති අනුව ඒ සඳහා අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් විය යුතු බැවින් ඉන් ජනතාවට සිදුවන පීඩාව අවම කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔහු කීය.

No comments:

Post a Comment

Post Bottom Ad