හෙළ උරුමය වර්ජනයේ.. හකීම් තීරණයක් නෑ.. අයවැය ඡන්දය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, November 1, 2014

හෙළ උරුමය වර්ජනයේ.. හකීම් තීරණයක් නෑ.. අයවැය ඡන්දය අද

2015 වසර සඳහා වූ අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි. පස්වරු හයට එය සිදු කෙරනු ඇත.

ජාතික හෙළ උරුමය අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශ කර නැත.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ රාජ්‍ය පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ලබාදෙනු ඇත.

සන්ධානයට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ,  ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් අයවැයට පක්ෂව ඡන්දය ලබාදීමට මේ වනවිටද තීරණය කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad