කියෙව් මෙහෙයුම නාසි යුගය සිහිගන්වනවා – පුටින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

කියෙව් මෙහෙයුම නාසි යුගය සිහිගන්වනවා – පුටින්

http://ift.tt/eA8V8J

කියෙව් හමුදාවන් විසින් නැගෙනහිර යුක්රේන නගර වලට ෂෙල් ප‍්‍රහාර එල්ල කිරීම දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි හමුදාවන්ගේ ක‍්‍රියාකලාපයන් සිහිගන්වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.

ඒ යුගයේදී ජර්මානු නාසි හමුදාවන් ලෙනින්ග‍්‍රාද් වැනි රුසියානු නගර වටකර සාමාන්‍ය වැසියන් ඉලක්ක කරමින් ෂෙල් ප‍්‍රහාර එල්ල කළ බව ඔහු පවසා ඇත.

ෂෙල් ප‍්‍රහාරයට ලක්වීමේ වැඩි අවදානමක් ඇත්තේ වීදියේ කුමන පැත්තෙන්ද යන්න දැක්වූ සංරක්ෂණය කර ඇති ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැරණි මාර්ග සංඥා පිළිබඳවද පුටින් මෙහිදී සිහිපත් කර ඇතැයි පැවසේ.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ සෙලිගර් 2014 තරුණ සමුළුව අමතමිනි.

ඩොනෙට්ස්ක් සහ ලූගාන්ස්ක් යන යුක්රේන නගර දෙකත් සහමුලින්ම පාහේ යුක්රේන හමුදාව විසින් වටලා ඇති බවත් යටිතල පහසුකම් සහ ප‍්‍රතිරෝධය දක්වන්නන්ගේ ධෛර්යය සිඳලීමේ අරමුණින් නාසි හමුදාවට සමන ලෙස සාමාන්‍ය ජනතාව ජිවත්වන ප‍්‍රදේශ ඉලක්ක කර ෂෙල් වෙඩි ප‍්‍රහාර එල්ල කරන බවත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රාජ්‍ය විරෝධී සටන්කාමීන් විසින් වටකර ඇති කියෙව් හමුදා සේනාංක වලට පසුබැසීම සඳහා ආරක්ෂිත ක‍්‍රමවේදයක් සඳහා සාකච්ඡ කිරීම කියෙව් රජය විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබීමද ඔහුගේ දෝෂ දර්ශනයට පාත‍්‍රව තිබේ.

මේ අතර පුටින් පවසා ඇත්තේ ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් පරිපාලනයන් විසින් ඔවුන් ගෙනයන සටන මානුෂීය මෙහෙයුමක් ලෙස නම් කිරීම තමන්ට තේරුම් ගත හැකි බවයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad