අද කොළඹ මහ ප‍්‍රදේශයකට ජලය කපයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

අද කොළඹ මහ ප‍්‍රදේශයකට ජලය කපයි..

http://ift.tt/eA8V8J

මොරගස්මුල්ල ප්‍රදේශයට කොලොන්නාව පොම්පාගාරයේ ජලය ගෙන යන ප්‍රධාන ජල නලයේ අත්වැඩියාවක් හේතුවෙන් අද රාත්‍රී 8.00 සිට හෙට අලුයම 4.00 දක්වා පැය 8 ක කාලයක් මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, රාජගිරිය, නාවල, රාජගිරියේ සිට නාවල පාරේ විවෘත විශ්වවිද්‍යාලය  දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එසේම පාර්ලිමේන්තු පාරේ පොල්දූව මංසන්ධියේ සිට අයුර්වේද මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවනු ඇති අතර කොටාපාර, කාසල් වීදිය සහ ලේක්ඩ්‍රයිව් ප්‍රදේශවලට   අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද මණ්ඩලය කියයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad