පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින විලියම්සන් අත මාරුකර පන්දු යැවීමට සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින විලියම්සන් අත මාරුකර පන්දු යැවීමට සැරසෙයි

සැකසහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ ජාත්‍යන්තර හා දේශීය පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ඔහුගේ අත මාරුකර පන්දු යැවීමට අරමුණු කරගෙන සිටී.

තහනමෙන් මිදීම සඳහා විලියම්සන් මෙවර වමතින් පන්දු යැවීමට පටන් ගෙන තිබේ. “මට පුළුවන් උපරිමයෙන් මම උත්සාහ කරනවා. අනෙක් අතින් පන්දු යැවීමේ කාර්යය සාර්ථක වේදැයි දන්නේ නැහැ. 

නමුත් ස්ථිරවම මම උත්සාහ කර බලනවා” යැයි විලියම්සන් කියයි. විස්සයි20 චැම්පියන්ස් ලීග් තරගාවලියේ නොදර්න් නයිට්ස් කණ්ඩායමේ වෙනුවෙන් මේ දිනවල ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විලියම්සන් දිගින් දිගටම පිත්තෙන් දස්කම් පාමින් සිටී. 

පසුගිය වකවානුවේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් වාර්තා කෙරුණු පන්දු යවන්නන් අතර කේන් විලියම්සන්ද කෙනෙකි. ඔහුගේ ‘පාට්-ටයිම්’ පිට දඟ පන්දුවලින් ඔහුට ටෙස්ට් තරග 34කින් කඩුලු 24ක් ලැබී තිබේ. 

ලකුණු 22කට කඩුලු 4ක හොඳම දක්ෂතාවක් සමග විලියම්සන්ගේ නමට ජාත්‍යන්තර එක්දින කඩුලු 23ක්ද සටහන්ව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad