YOUTUBE හෙල්ලු බලු වීඩියෝව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

YOUTUBE හෙල්ලු බලු වීඩියෝව මෙන්න

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වෙළද දැන්වීමක් ලෝකයේ හොදම වෙළද දැන්වීම් අතරට එක්වෙයි. 

මෙම දැන්වීම පසුගිය සැප්තැම්බර් 15 වනදාට යෙදී තිබු ලෝක බියර් දිනය වෙනුවෙන් එක්තරා සුප්‍රකට බියර් සමාගමක් විසින් නිපදවා තිබේ.“ බලාපොරොත්තුව කිසිදා අවසන් නොවේය“ යන්න තේමා කර ගනිමින් මෙම දැන්වීම සකසා තිබේ.

මෙහි මුල් රූප රාමු වල සුනඛයෙක් සහ තරුණයෙක් ඉතා සමීපව ඇසුරුකරන ආකාරය හ දැක්වෙන අතර පසුව තරුණයා බියර් බෝතල් කිහිපයක්ද සමග මිතුරන් හා පිටව යනු දක්නට ලැබෙයි.

රාත්‍රිය වනතුරු ඔහු නොපැමිණෙන අතර සුනඛයා ඉතා දුක්මුසුව බලා හිදියි.පසුව අවසානයේ පසුදින උදෑසන  මෙම තරුණයා යළි නිවසට පැමිණෙන අතර එහිදී සුනඛයා විසින් උණසුම් ලෙස ඔහු පිළිගනි.

ඔබ සමීපයේ සිටින්නා හෝ ඔබව බලාපොරොත්තුවෙන් සිටින්නා ගේ බලාපොරොත්තු ඉටු කිරීමේ වලකීම ඇත්තේ  ද ඔබ තුළම බව මෙමගින් පැහැදිලි වන බව විදෙස් වාර්තා වල දැක්වෙයි. 

මෙම වෙලද දැන්වීම පසුගිය 19 වනදා  අන්තර් ජාලයට එක් කර ඇති අතර එය මේ වන විට මිලියන 7 කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබේ.

එම දැන්වීම පහතින් නරඹන්න 

No comments:

Post a Comment

Post Bottom Ad