ඔක්කොම එක පාර පොහොසත් වෙන සූත්තරේ රනිල් කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

ඔක්කොම එක පාර පොහොසත් වෙන සූත්තරේ රනිල් කියයි..

http://ift.tt/eA8V8J

තම පක්‍ෂයේ අලුත්ම විප්ලවය ගොවි මහත්වරුන් පොහොසතුන් කිරීම බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙසේද කීය.

‘ගොවිතැන් කරනවා කියන එක අද කොටින් එක්ක යුද්ධ කරනවාටත් වඩා අමාරු තත්ත්වයකට ආණ්ඩුව පත් කරලා. ආණ්ඩව යටතේ කෘෂිකර්මය නැතිවෙලා තියෙනවා. දැන් යුද්දෙ ඉවරයි. ඒ යුද්දෙ වියදම් ඉතුරු වෙලා තියෙනවා. අපි කියනවා කෘෂිකර්මය කෘෂිකර්මය දියුණු කරන්න ඒ මුදල් යොදවන්න කියලා.

අවුරුදු 5ක් ගිහින් තියෙනවා. මොනවාද කළේ කෘෂිකර්මය දියුණු කරන්න. කෘෂිකර්මය, අධ්‍යාපනය, සෞඛ්‍ය කියන කිසිවකට මුදල් යෙදෙව්වේ නෑ. අද අමාරුවෙන් ගොවි මහත්වරු ජීවත් වෙන්නේ. ලැබෙන ලාභය මදි. ලැබෙන ආදායම මදි. තරුණයෝ ගොවිතැනේ ඉන්නේ නෑ. ගොවිතැන අතහැරලා කර්මාන්තශාලාවල, මැද පෙරදිග රැකියා සොයනවා. බැරිනම් සිමෙන්ති අනනවා.

මේ රටේ ජනතාවට කන්න දෙන්න කෑම වගා කරන්නත්, මේ ලෝකයේ අපි‍්‍රකාවේ, ආසියාවේ වැඩි වන ජනගහනයට ආහාර ලබා දෙන්න අපනයන කෘෂිකර්මයටත් අපි යන්න  ඕන. ආණ්ඩුව ආරම්භ මේ කාරණ දෙකම ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ගොවි මහත්වරු පෝසත් කිරීමේ වැඩසටහන යටතේ තමයි එක්සත් ජාතික පක්ෂය අලූත් විප්ලවයක් ආරම්භ කරන්නේ. කෘෂිකර්මාන්තය දියුණු කළ විට ගැමි ආර්ථිකයේ මුදල් තියනවා කියන්නේ නගරයේ ආර්ථිකයෙත් මුදල් තියෙනවා. අපි ඔක්කොම එතකොට පෝසත් වෙනවා’



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad