ආණ්ඩුව මගේ ඡන්ද 45,000ක් හොරකම් කරලා.. මේක ජිල්මාට් ප‍්‍රතිඵලයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

ආණ්ඩුව මගේ ඡන්ද 45,000ක් හොරකම් කරලා.. මේක ජිල්මාට් ප‍්‍රතිඵලයක්..

http://ift.tt/eA8V8J

පසුගිව ඌව මැතිවරණයේදී තම පක්ෂයට ලැබී තිබූ ඡන්ද 45,000 ක් පමණ ආණ්ඩුව හොරකම් කර ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පවසන්නේ අද දිනයේ මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බවයි.

ආණ්ඩුව විසින් තම පක්ෂයට ලැබීමට නියමිත මන්ත්‍රී ධුරයක් අහිමි කිරීමට සැලසුමක් තිබූ බවට මැතිවරණයට දින තුනකට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හරහා තමාට දැනගැනීමට ලැබුණු බවද ෆොන්සේකා මහතා කියා සිටී.

තම මැතිවරණ ප්‍රචාරණයේදී හිමි වුනු ජනතා ප්‍රසාදය හා සැසඳීමේදී ලැබී ඇති ප්‍රතිඵලය පිළිගැනීමට නොහැකි බවද හෙතෙම කියා සිටී.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad